සුපිරි පළමු ඉනිමෙන් සිව්වැනි දිනය අවසන ශ්‍රී ලංකාවට පෙරමුණ
පෙබරවාරි, 3, 2018
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි ගෞරව හිමිකරගැනීමට සමත්ව සිටීයි.
ඒ බංග්ලාදේශය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 513 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුලු 9 ක් පමණක් දැවී රැස්කළ ලකුණු 713 හේතුවෙනි.
අද දිනයේ දී සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රොෂේන් සිල්වා රැස්කළ ශතකය අද දිනයේ විශේෂ ස්ථානයක් අත්කරගත්තේය.
ඔහු නොදැවි ලකුණු 109 ක් රැස්කරද් දී දිනේශ් චන්දිමාල්ට ශතකය අහිමිවූයේ ලකුණු 13 ක් ලබා ගැනීමට සිටිය දීය.
දිනේශ් චන්දිමාල් ලකුණු 87 ක් රැස්කිරීමට සමත්විය.
සුපුරුදු ලෙස වේගවත් ඉනිමක් දියත් කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 62 ක් රැස්කළ අතර ඩිල්රුවන් පෙරේරා ලකුණු 32 ක් හා රංගන හේරත් ලකුණු 24 ක් ලෙස සිය දායකත්වය ලබා දුන්නේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 ක් ඉදිරියෙන් සිටිමින් බංග්ලාදේශයට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට ආරාධනා කළ අතර, දිනය අවසන් වද්දී ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 81 ක් ලබා ගැනීමට සමත්විය.
තරගයේ අවසන් දිනයේ දී ඔවුන් කඩුලු 7 ක් අතැතිව, ශ්‍රී ලංකාව පසුකිරිමට තවත් ලකුණු 119 ක් රැස්කළ යුතු වේ.
රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා හා ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්විය.
බංග්ලාදේශය ප.ඉ. 513
ශ්‍රී ලංකාව ප.ඉ. 713/9
කුසල් මෙන්ඩිස් 196, ධනංජය ද සිල්වා 173, රොෂේන් සිල්වා 109, දිනේශ් චන්දිමාල් 87, නිරෝෂන් දික්වැල්ල 62
බංග්ලාදේශය දෙ.ඉ. 81/3
© Island Cricket
Comments
Post new comment